
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළිබඳ සමාලෝචන කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය සේවයට තවත් 26,095ක් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඉන් 23,344 දෙනකු ගුරු සේවයට කඩිනමින් බඳවා ගැනීම සඳහා අදාළ ආයතනවලට අවසර දීමට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ. අගමැතිනි, හරිනි අමරසූරිය මෙණෙවිය මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට 442ක්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට 452, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට 705ක්, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට 10ක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට 37ක් බඳවා ගැනේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 76ක්, ආරක්ෂක අමාත්‍යාංශයට102ක්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට 19ක්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට 10ක් බඳවා ගැනීමට නියමිතය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට 01ක්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට 166ක්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට 167ක්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයට 33ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට 50ක් බඳවා ගැනේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 23ක්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 248ක්, මධ්‍යම පළාත් සභාව-203ක්, උතුරු මැද පළාත් සභාව 06ක්, ජාතික පොලිස් කොමිෂන් සභාව 01ක් ලෙස බඳවා ගැනීමට නියමිතය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ද මීට පෙර අනුමැතිය හිමිව තිබූ බවයි.
නුවන් කොඩිකාර








