දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට අමෙරිකාවෙන් සුබ පණිවිඩයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ලබා දෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4කි.

මෙම ආධාරවලට පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවැසි හදිසි ආහාර සහ මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඇතුළත් වේ.

සුළිකුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට ආධාර ඉක්මනින්, ඵලදායීව සහ ව වීවමන් යුතුව ළඟා වන බව සහතික කිරීම සඳහා, වලෝක ආහාර වැඩසටහන (WFP) සහ වර්ල්ඩ් විෂන් (World Vision)වැනි විශ්වාසදායක සංවිධාන මගින් එක්සත් ජනපද ආධාර ක්‍රියාත්මක කරමින් සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසු හට ගන්නා අවශ්‍යතාවන් අඛණ්ඩව තක්සේරු කර ගෙන යන අතර, නැගී එන ප්‍රමුඛතා සඳහා සහාය විය හැකි ක්‍රම සොයා බැලීමට එක්සත් ජනපදය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවද අදාළ නිවේදනයේ දැක්වේ.