තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව හැටන්, නුවරඑළිය, බදුල්ල ඇතුළු නගර කිහිපයක් වෙත අමතර බස් සේවා යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ.

එසේම බැස්ටියන් මාවත දුර ගමන් සේවා බස් නැවතුම්පොළෙන් හා ප්‍රධාන නගරවල සිට විශේෂ ප්‍රවාහන සේවා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.