ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන්ගේ පවු­ල්වල සුභ­සා­ධ­න­යට කෝටි 100ක ප්‍රති­ලාභ

ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් හා ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ගේ සුභ­සා­ධ­නය වෙනු­වෙන් 2025 වස­රේදී රුපි­යල් කෝටි 100ට වැඩි ප්‍රති­ලාභ ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය ප්‍රකාශ කරයි.

2025 වසරේ ජන­වාරි සිට නොවැ­ම්බර් මාසය දක්වා විග­ම­නික ශ්‍රමි­ක­යන් 326,246 දෙනකු වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 964.30ක ආධාර කාර්යාං­ශය මඟින් ලබාදී තිබේ. රැකියා සඳහා විදේ­ශ­ගත වන ශ්‍රමි­ක­යන් වෙනු­වෙන් කාර්යාං­ශය මඟින් නොමිලේ රක්ෂ­ණා­ව­ර­ණ­යක් ලබා­දෙන බව ද එම රක්ෂ­ණා­ව­ර­ණය ලබා­ගැ­නීම සඳහා ශ්‍රමි­ක­යන් 318,209 දෙනකු වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 397ක මුද­ලක් 2025 වර්ෂ­යේදී කාර්යාං­ශය විසින් ගෙවා තිබෙන බව ද එම කාර්යාං­ශය පෙන්වා දෙයි.

එසේම විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්ගේ පාසල් අධ්‍යා­ප­නය ලබන දරු­වන් 1,628 දෙනකු වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 50.88ක මුද­ලක් ශිෂ්‍යා­ධාර වශ­යෙන් ගෙවා තිබේ. තවත් දරු­වන් 4,304 දෙනකු වෙනු­වෙන් පාසල් උප­ක­රණ ලබා­දීම සඳහා රුපි­යල් මිලි­යන 50.25ක මුද­ලක් කාර්යාං­ශය මඟින් වැය­කර ඇත.

මීට අම­ත­රව විදේශ රැකි­යාව අත­ර­තු­රදී සිදු වන මරණ හා රෝගා­බාධ වෙනු­වෙන් ද, විදේශ රැකි­යාව අව­සන් කර යළි දිව­යි­නට පැමි­ණී­මෙන් අන­තු­රුව ස්වයං රැකි­යා­වක් ආරම්භ කිරී­මට ද, පවු­ල්වල සාමා­ජි­ක­යන්ට සෞඛ්‍යා­ධාර සඳහා ද, බහු­විධ ණය යෝජනා ක්‍රම­යට හා සේවක සුභ­සා­ධක අර­මු­දල මඟින් ගෙවීම් කිරීම වැනි සුභ­සා­ධන කට­යුතු සඳහා ද කාර්යාං­ශය මඟින් පසු­ගිය වර්ෂ­යේදී මුදල් වැය­කර තිබේ.

ඊට අම­ත­රව විදේශ රැකියා වංචා­ක­රු­වන්ට හසුවී කාර්යාං­ශය වෙත පැමි­ණිලි කරන ලද පුද්ග­ල­යන් වෙනු­වෙන් නඩු පවරා රුපි­යල් මිලි­යන 374කට අධික මුද­ලක් යළි අය කර­දී­මට ද කාර්යාං­ශය පිය­වර ගෙන ඇත. විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බ­න්ධව මහ­ජ­න­තා­වට අවශ්‍ය තොර­තුරු දැන­ගැ­නීම වෙනු­වෙන් ස්ථාපිත කර ඇති කාර්යාං­ශයේ 24 පැය තොර­තුරු මධ්‍ය­ස්ථා­නය නව පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත අයු­රින් නවී­ක­ර­ණය කිරී­මට ද කාර්යාං­ශය පිය­වර ගෙන තිබේ. එම­ඟින් වඩාත් කාර්ය­ක්ෂම හා විශ්වා­ස­දායි සේවා­වක් මහ­ජ­න­තා­වට ලබා­දී­මට හැකි වී ඇත.

මේ අතර, වසර 40ක විදේශ රැකියා ඉති­හා­සය තුළ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමා­ණය පසු­ගිය වසරේ දී මෙර­ටට ලැබිණි. එම ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8.07කි. එය රුපි­යල් බිලි­යන 2,432ක අග­යක් වන අතර 2024 වර්ෂය හා සැස­ඳී­මේදී මෙය 22.8%ක ඉහළ වර්ධ­න­යකි.

වත්මන් රජය ගත් ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් අනුව ගුණා­ත්මක තත්ව­යෙන් යුතු පුහුණු ශ්‍රමි­ක­යන් විදේ­ශ­ගත කිරී­මට කාර්යාං­ශය පිය­වර රැසක් ගන්නා ලදී. ඒ අනුව පසු­ගිය වසරේ දී 311,139ක ශ්‍රී ලාංකි­ක­යන් පිරි­සක් රැකියා සඳහා විදේ­ශ­ගත වී තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර