2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙසේ 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සදහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් කරනු ලැබුව ද, කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සදහා සංශෝධනයක් ක්රියාවට නැගීමෙන් ඉහළ ප්රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදී කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









