රාජ්‍ය සේව­යට 26,095ක්: 23,344ක්ම ගුරු සේව­යට

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළි­බඳ සමා­ලෝ­චන කමි­ටුවේ නිර්දේශ මත රාජ්‍ය සේව­යට තවත් 26,095ක් අලු­තින් බඳවා ගැනී­මට රජය තීර­ණය කර තිබේ. ඉන් 23,344 දෙනකු ගුරු සේව­යට කඩි­න­මින් බඳවා ගැනීම සඳහා අදාළ ආය­ත­න­ව­ලට අව­සර දීමට කැබි­නට් අනු­මැ­තිය හිමි වි තිබේ. අග­මැ­තිනි, හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය මේ යෝජ­නාව කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර තිබිණි.

ඒ අනුව අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට 442ක්, අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශ­යට 452, සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යට 705ක්, කෘෂි­කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශ­යට 10ක්, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශ­යට 37ක් බඳවා ගැනේ.

මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට 76ක්, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට102ක්, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශ­යට 19ක්, විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශ­යට 10ක් බඳවා ගැනී­මට නිය­මි­තය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට 01ක්, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට 166ක්, ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බ­ල­ගැ­න්වීමේ අමා­ත්‍යාං­ශ­යට 167ක්, නිවාස, ඉදි­කි­රීම් සහ ජල­ස­ම්පා­දන අමා­ත්‍යාං­ශ­යට 33ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමා­ත්‍යාං­ශ­යට 50ක් බඳවා ගැනේ. විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට 23ක්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශ­යට 248ක්, මධ්‍යම පළාත් සභාව-203ක්, උතුරු මැද පළාත් සභාව 06ක්, ජාතික පොලිස් කොමි­ෂන් සභාව 01ක් ලෙස බඳවා ගැනී­මට නිය­මි­තය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (13) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී කැබි­නට් ප්‍රකා­ශක ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සුවේ රාජ්‍ය සේවයේ බඳ­වා­ගැ­නීම් ක්‍රියා­ව­ලිය සමා­ලෝ­ච­නය කර­මින් අව­ශ්‍යතා, ප්‍රමු­ඛතා හා කාල­රාමු හඳු­නා­ගෙන ඒ ආශ්‍රි­තව අත්‍ය­ව­ශ්‍ය­යෙන්ම සිදු කළ යුතු බඳ­වා­ගැ­නීම් ප්‍රමාණ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගැනීම සඳහා අග­මැති ලේකම්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිල­ධාරි කමි­ටු­වක් පත් කිරී­මට ද මීට පෙර අනු­මැ­තිය හිමිව තිබූ බවයි.

නුවන් කොඩි­කාර