මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත පිළි­බඳ විවා­දය පෙබ­ර­වා­රි­යේදී

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටු­ම්පත පිළි­බඳ විවා­දය පෙබ­ර­වාරි මාස­යේදී පැවැ­ත්වී­මෙන් පසුව සම්මත කිරී­මට සැල­සුම් කර ඇත. මීට අදාළ පනත් කෙටු­ම්පත අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා විසින් පසු­ගිය 06 වැනිදා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටු­මි­පත සඳහා විරෝ­ධය දක්වන පිරි­සට නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම සඳහා සති දෙකක කාල­යක් ලබාදී තිබේ.

මෙම පනත් කෙටු­ම්පත සම්මත වීමෙන් පසු විශ්‍රා­මික පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 512 දෙන­කුගේ (කල­ත්‍ර­යන් ද ඇතු­ළුව) විශ්‍රාම වැටුප අහෝසි වන අතර ඉදි­රි­යේදී විශ්‍රාම යන පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ද පනත් කෙටු­ම්පත අනුව විශ්‍රාම වැටුප් හිමි­කම අහෝසි වේ.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර,

සන්ධ්‍යා කරු­ණා­රත්න