කීරි සම්බා වී කිලෝ­ව­කට රු.140ක මිලක්

සම්බා වී කිලෝ­ග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපි­යල් 125 සිට 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝ­ග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපි­යල් 132 සිට රුපි­යල් 140 දක්වා ඉහළ නැංවී­ම­ටත් අනු­මැ­තිය හිමි වූ බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (13) කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

වී අලෙවි මණ්ඩ­ලය විසින් 2025 යල කන්න­යේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝ­ග්‍රෑම් 1ක් පිළි­වෙ­ළින් රුපි­යල් 120ක්, රුපි­යල් 125ක් සහ රුපි­යල් 132ක් ලෙස මිල දී ගනු ලැබූ බව ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ඉදිරි කන්න­ව­ලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම ප්‍රව­ර්ධ­නය කිරීම අර­මුණු කර ගනි­මින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පව­තින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් විසින් පත්ක­රනු ලැබ ඇති මිල කමි­ටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති බවද ඇමැ­ති­ව­රයා පැව­සීය.

එම නිර්දේ­ශය මත පද­නම්ව, ආහාර ප්‍රති­පත්ති හා සුර­ක්ෂි­තතා කමි­ටුව විසින් නිය­මිත ප්‍රමි­ති­යෙන් යුත්, නාඩු වී කිලෝ­ග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපි­යල් 120 ලෙස තව­දු­ර­ටත් පව­ත්වා­ගෙ­න­යෑ­ම­ටත් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමි වූ බව ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ දැම්මද ඉන් සහල් මිල ඉහ­ළ­යෑ­මක් සිදු නොවන බවද ඇමැ­ති­ව­රයා පැව­සීය.

සහල් මිල ගැන සැල­කි­ලි­මත් වෙමින් වී මිලදී ගැනීම ඉහළ දැමූ බවත් පසු­ගිය කාලයේ යෙද­වුම් සහ ශ්‍රමයේ මිල ඉහළ ගොස් ඇති බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

නුවන් කොඩි­කාර