ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකට, අමෙරිකා එක්සත් ජනපදය සමඟ සිදු කරන සියලුම ව්‍යාපාර සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉරානයේ රජයට එරෙහි විරෝධතා තෙවන සතියටත් ක්‍රියාත්මක වන පසුබිමක, ටෙහෙරාන පාලනයට දැඩි පීඩනයක් එල්ල කිරීම මෙම පියවරේ අරමුණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තීරු බදු පැනවීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” බලපැවැත්වෙන බවයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.
දැනට පවතින දත්ත අනුව ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන්නේ චීනය වන බවත්, ඊට අමතර ව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව යන රටවල් ද ඉරානය සමඟ ප්‍රබල වාණිජ සබඳතා පවත්වන බවත්, ට්‍රම්ප්ගේ මෙම නව තීරණය හේතුවෙන් එම රටවල් අමෙරිකාව සමඟ සිදු කරන ගනුදෙනුවලදී දැඩි බදු බරකට මුහුණ දීමට සිදු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.









