කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූට ලේඛන සැකසීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන දෙදෙනා ඇතුළු හයදෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය අංක 02 විභාග වන නඩුවේ වැඩිදුර විමසීම මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය විසින් මාර්තු මස 27 වැන දිනට කල් තැබුවාය.
ඊයේ 12දා එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙර දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණ හමුවේ පෙනී නොසිටියේය.
හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාට නොතීසි නිකුත් කරන ලෙසට විනිසුරුවරිය නියෝග කළාය.
මෙදින සැකකරුවන් හට නීතිපතිවරයාගේ නියමය පරිදි අධිචෝදනා භාරදීමට නියමතව තිබුණත් සැකකරුවන් සියලු දෙනාම අධිකරණයේ පෙනී නොසිටීම හේතුකරගෙන ඊළඟ නඩු දිනයේදී අධි චෝදනා භාරදීමට නියමිතය.
නවීන් අබේකෝන්, ජයන්ත කබ්රාල්, සරත් ඉදිරිසිංහ හා මෙල්රෝයි පෙරේරා යන සැකකරුවන් මෙදින අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර, ඔවුන්ම පෙර ඇප මත මුදාහරින ලෙස ද විනිසුරුවරිය නියම කළාය.
නලින් දිසානායක, නෙවිල් අබේරත්න යන ජනාධිපති නීතිඥවරුන් සමඟ දේශාන් පෝල්, සඳුන් රණසිංහ, පණ්ඩුල සඳරුවන්, අසංක දයාරත්න යන නීතිඥවරුන් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.
ගම්පහ අධිකරණ- උපාලි රණවීර








