පදවි­ ප්‍රා­ප්ති­ව­ලට මිලි­යන 700ක් විය­දම් කළැයි

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදවි ප්‍රාප්තිය වෙනු­වෙන් 2012දී අනු­රා­ධ­පුර ඔයා­ම­ඩුව හා 2013දී අම්පාර හාඩි විද්‍යා­ලයේ පැවැත් වූ දැයට කිරුළ ප්‍රද­ර්ශ­නය සඳහා මිලි­යන 700කට ආසන්න මුද­ලක් වැය කිරීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම හමුවේ අල්ලස දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය ඊයේ (12) පැමි­ණි­ල්ලක් සිදු කළේය. එම මුදල වංචා කර දූෂ­ණය කිරීම පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කර රටට හෙළි කරන ලෙස එම සංවි­ධා­නය අල්ලස් කොමි­ස­මට පැමි­ණිල්ල ඉදි­රි­පත් කර­මින් ඉල්ලා තිබේ.

ඊයේ පෙර­ව­රුවේ අල්ලස් කොමි­සම වෙත ගිය එම සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් විසින් මෙම පැමි­ණිල්ල බාර දෙනු ලැබීය.