දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (12) සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 8 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මුලතිව් ප්‍රධාන මාර්ගයේ මුරසුමොටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (12) සවස මිය ගොස් තිබේ. එම අනතුර සිදුව තිබුණේ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයන් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇත.
මේ අතර පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී ඊයේ (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ වයස අවුරුදු 26, 58 සහ 84 වයස්වල පසුවන කුරණ හා ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද පොලීසිය පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ, වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන








