අප සෙවිය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් විකෘතිය ඇති කළ අය මිස එක් එක් අයගේ පෞද්ගලික ජීවිත ගැන නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට රුපියල් ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
අද රටේ ලොකුම මාතෘකාව බවට අධ්‍යාපනය පත්වී ඇති බවත් අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාළව බවත් හෙතෙම කීවේය.
මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ බරපතළ අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී විෂමාචාරී තැනට අධ්‍යාපනය පත් වී අධ්‍යාපනයට අසභ්‍යකරණය එක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මේ ප්‍රතිසංස්කරණ තුළ විධිමත් සාකච්ඡාවක් සිදු නොකර power point presentation එකක් පමණක් සිදු කර ක්‍රියාත්මක කර බරපතළ ලෙස අසභ්‍යකරණයට ලක් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ හතළිස් එක්ලක්ෂයක් දූදරුවන්ගේ මනස විකෘති කරන දූෂණය කරන තැනට නිර්මාණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට විවේචන තිබෙනවා. ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය STEAM අධ්‍යාපනය ආශ්‍රිතව මෙන්ම ඉතිහාසය ඇතුළත් සමබර ක්‍රමවේදයකට. මේ විකෘතියට වගකිව යුතු අය පෙන්වා දිය යුතුයි. වගකීම මෙන්ම වගවීම ගැන කතා කළ යුතු වුවත් මේ අවස්ථාවේ පුද්ගලික ජීවිත කේන්ද්‍ර කරගෙන අසභ්‍ය දේවල් කතා කරන අය සිටිනවා. අසභ්‍ය දේවල් කතා කර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනත් පැත්තකට ගෙන යාම නතර කළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිනිය ප්රමුඛ රජය වගකිව යුතුයි.
නිදහස් අධ්‍යාපනය ලබන හතළිස්ලක්ෂයක් දූදරුවන් විකෘති කරන්න නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට වගකිවයුතු අය කවුද කියා හෙළි කළ යුතුයි. මේවාට විධිමත් උත්තර දිය යුතුයි. නිලධාරීන්ගේ කරපිට වරද පටවා රජයට බේරීමට නොහැකියි. මේ විකෘතියට සැබෑ ලෙස වගකිවයුතු අය හෙළිදරව් කළ යුතුයි.
රක්ෂණ ශ්‍රියන්ත








