උසස් පෙළ සම­තුන්ට සෑම වස­ර­ක­දීම ජපා­නයේ රැකියා 10,000ක්

මෙරට උසස් පෙළ සමත් තරුණ තරු­ණි­යන්ට වාර්ෂි­කව ජපා­නයේ රැකියා අවස්ථා 10,000ක් ලබා­දී­මට ජපා­නයේ ප්‍රමුඛ පෙළේ ව්‍යව­සා­ය­ක­යකු කැමැත්ත පළ කර ඇති අතර, ඊට අදා­ළව අව­බෝ­ධතා ගිවි­සු­මට ද පසු­ගි­යදා අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා විදේශ ඇමැ­ති­ව­ර­යාට සහ රජ­යට ප්‍රශංසා කර­මින් වාර්ෂි­කව මේ රැකියා අවස්ථා 10,000ක් පිරි­නැ­මී­මට තීර­ණය ඇත.

උසස් පෙළ දක්වා අධ්‍යා­ප­නය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැනෙන අතර, අදාළ ගිවි­සුම සඳහා කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය ද හිමිව තිබේ.

එහිදී ශ්‍රී ලංකා රජය සහ විදේශ කට­යුතු ඇමැති විජිත හේරත් මහතා විසින් මේ කර්තව්‍ය සම්බ­න්ධ­යෙන් සිදු කර­න්නාවූ කට­යුතු හා දක්වන්නා වූ සහ­යෝ­ගය ද ජපන් දූත පිරිසේ අති­ශය ප්‍රශං­සා­වට ලක්විය.

ඊට අදාළ අව­බෝ­ධතා ගිවි­සු­මට පසු­ගි­යදා ජපා­නයේ එන්ට­ර්ප්‍ර­යි­සස් යුන­යි­ටඩ් කෝප­රේ­ටිව් ආය­ත­නය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජ­න්සිය අතර අත්සන් තැබීය.

ඒ සඳහා ජපා­නය වෙනු­වෙන් යුන­යි­ටඩ් කෝප­රේ­ටිව් ආය­ත­නයේ සභා­පති කසු­හිරෝ හන්සාකි සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආය­ත­නයේ සභා­පති ලාල් හෙට්ටි­ආ­රච්චි මහ­ත්ව­රුන් එක්ව සිටි අතර,

ශ්‍රී ලාංකික තරුණ තරු­ණි­යන්ට රැකියා අවස්ථා පුළුල් කෙරෙන මේ අව­ස්ථාව ගැන විදේශ කට­යුතු ඇමැති විජිත හේරත් මහතා සිදු කළ කාර්ය­භා­රය මෙහිදී ජපාන නියෝ­ජි­ත­යන්ගේ විශේෂ පැස­සු­ම­කට ලක්විය.

එහදී ජපා­නයේ එන්ට­ර්ප්‍ර­යිස් යුන­යි­ටඩ් කෝප­රේ­ටිව් සමා­ගමේ සභා­පති කසු­හිරෝ හන්සාකි මහතා මෙලෙස කියා සිටි­යේය.

“විශේ­ෂ­යෙන් විදේශ ඇමැ­ති­ව­රයා විසින් ප්‍රද­ර්ශ­නය කරන ලද සරල බව, කැප­වීම, විනි­වි­ද­භා­වය සහ දේශ­ප්‍රේ­මය ගැන මා සැබ­වින්ම මවි­ත­යට පත් වුණා. ඇමැ­ති­ව­රයා හමු වූ විට එවැනි මහ­ත්ම­යකු මා කිසි විටෙ­කත් අපේක්ෂා කළේ නෑ. ඔහු ශ්‍රී ලංකාව ආඩ­ම්බ­ර­යට පත් කර තිබෙ­නවා. ශ්‍රී ලංකාවේ මේ ධනා­ත්මක දේශ­පා­ලන සංස්කෘ­තික වෙනස ගැන මා මගේ සෙසු ජපන් ව්‍යාපා­රි­ක­ය­න්ටත් කියා සිටි­නවා. ඒ වගේම ලංකා­වට පැමිණ ආයෝ­ජ­නය කිරී­මට ඔවුන් දිරි­මත් කර­නවා. දශක ගණ­නා­වක් පුරා ජපන් ජන­තාව ශ්‍රී ලංකා­වෙන් සහ එහි නාය­ක­ත්ව­යෙන් අපේක්ෂා කළේ මෙයයි.”

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධි­කා­රිය, ජාතික ආධු­නික සහ කාර්මික පුහු­ණු­කි­රීම් අධි­කා­රිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ රැකියා බැංකුවේ ලියා­ප­දිංචි, සුදු­සු­කම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනී­මට නිය­මි­තයි.

ඔවුන් වයස අවු­රුදු 20ත් 28ත් අතර විය යුතුය. අ.පො.ස. (උසස්/පෙළ) දක්වා අධ්‍යා­ප­නය ලබා තිබීම අනි­වාර්ය වේ. අයැ­දු­ම්ක­රු­වන් ජපන් භාෂාව හදාරා තිබීම අම­තර සුදු­සු­ක­මක් ලෙස සැල­කෙන අතර, මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජ­න්සි­යෙන් සිදු කරයි.

මහින්ද අලු­ත්ගෙ­දර