විමල්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පදිකයින්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන ලෙසට සහ ශබ්දවාහිනී භාවිතා කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් අවධාරණය කරමින් මෙම අධිකරණය නියෝගය නිකුත් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.