‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර 10 ක රැඳවියන් විසින් එක් ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් විසින් මෙලෙස සිය ආහාර වේලක් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බවයි සඳහන් වන්නේ.
නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් රුපියල් 450,710 ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති අතර, වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද, බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද පරිත්‍යාග කර තිබෙනවා.
මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046 ක ආහාර ද්‍රව්‍ය ද, මහර බන්ධනාගාරයෙන් රුපියල් 386,010 ක ආහාර ද්‍රව්‍ය ද, කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









