නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කෙසේ නමුත් එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, ඉදිරි දින කිහිපයේ එය පද්ධතියට එක් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර, එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








