2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙම වසර සඳහා ජාතික විභාග 07 ක් පැවැත්වීමට නියමිතයි.
එහි පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2025) ජනවාරි මස 11 වැනිදා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ඉන් පසුව, පසුගිය දෙසැම්බරයේදී අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමුණු 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි 12 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග පැවැත්වෙන කාලසටහන පහතින්.









