දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආධාර වශයෙන්, බ්‍රසීල රජය මගින් ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාළ ලේඛන විධිමත් ලෙස භාරදීමේ කටයුතු පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවුණා.
එහිදී කොළඹ බ්‍රසීල තානාපති කාර්යාලයේ භාරකාර මොනිකා මාරියා මයිරෙල්ස් නසාර් විසින් මෙම පරිත්‍යාගය ප්‍රදානය කර ඇති බවයි සඳහන් වන්නේ.
බ්‍රසීලයේ මෙම සහාය සඳහා සිය කෘතඥතාව පළ කරන බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කර සිටි අතර, එය දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ශක්තිමත් බැඳීම පිළිබිඹු කරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.








