ඊයේ(09) දිනයේත් පසුගිය පැය 24ක කාලය සළකා බැලීමේ දී විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇත.
කෙසේ නමුත් ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට ඉතා සුළු වශයෙන් වර්ෂාපතනයන් ලැබී තිබේ.
ඒ නිසා ගංගා පද්ධතිය පිළිබඳ අවධානය යොමු කළ හොත් කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක මට්ටමකට වැඩිවීමක් දක්නට නොලැබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
එසේම වාරි පද්ධතියේ ප්‍රධාන වැව් 73න් 30කට ආසන්න ප්‍රමාණයක් වාන් දැමුවද දැනට වාන් දැමීමේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මධ්‍යම ප්‍රමාණයේ වැව් 22කට ආසන්න ප්‍රමාණයක් වාන් දැමීමක් පවතින නමුත් අනතුරු දායක මට්ටමක නොපවතින බව එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.








