විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු, අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද යෝජනා වී ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.









