ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන T20 තරගය නැරඹීට පැමිණි පිරිසක් අනතුරක

අද (10) අලුයම A9 මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා තිබේ.

දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණ ආපසු වෑන් රථයකින් නිවස බලා යමින් සිටි තරුණයින් පිරිසක් මෙම අනතුරට ලක්වී තිබුණි.

අනතුරින් තුවාල ලැබූවන් මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණි.