දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙරළ පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මුහුදු මාවතේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.