මාස 11ට විදේශ ප්‍රේෂ­ණ­ රුපියල් කෝටි 215,910 පනී

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙර­ටට සිදු­ක­රන ප්‍රේෂ­ණ­වල කැපීපෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ නොවැ­ම්බර් මාසයේ අව­සා­නය වන විට රුපි­යල් කෝටි 215,910 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසු­ගිය 2024 වසරේ දී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 6, 575.4ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර මේ වසරේ නොවැ­ම්බර් මාසයේ අව­සා­නය වන­විට විදෙස් ප්‍රේෂණ වටි­නා­කම කැපීපෙනෙන ලෙස වර්ධ­නය වෙමින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7, 197.1ක අග­යක් වාර්තා කර තිබෙන බව ද එම බැංකුව සඳ­හන් කරයි.

ඒ අනුව මේ වසරේ අව­සා­නය වන­විට මෙරට ඉති­හා­සයේ වැඩිම විදෙස් ප්‍රේෂණ වටි­නා­කම වාර්තා කිරී­මට හැකි­වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වා­සය පළ­ක­රයි.

මේ වසරේ නොවැ­ම්බර් මාසයේ 30දා තෙක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7, 197 ක ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර නොවැ­ම්බර් මාසයේ දී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 673.4 ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ද එය පසු­ගිය 2024 වසර හා සැස­ඳීමේ දී කැපීපෙනෙන වර්ධ­න­යක් බව ද මහ බංකුව කියා­සිටී.

පසු­ගිය 2024 වසරේ නොවැ­ම්බර් මස 30 දා තෙක් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5, 960ක පමණ ප්‍රමා­ණ­යක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබෙන අතර ඒ අනුව 2025 වසරේ දී ප්‍රේෂණ ලැබීම් සිය­යට 20.1 කින් ඉහළ ගොස් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා­දෙයි.

මහින්ද අලු­ත්ගෙ­දර