බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබා දීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා.

ඊයේ (09) ආරම්භ වූ මෙම වාරි ප්‍රතිසංස්කරණ දෙසතිය දෙසැම්බර් 09 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කය පුරා වැඩ බිම් 50 ක ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, මෙම දින 14 ක කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන්, විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, බදුල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන සාමාජිකයන්, මාතර සහ මොණරාගල සහෝදර ගොවි සංවිධාන සාමාජිකයන්, රතු කුරුස සාමාජිකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මෙම ශ්‍රම බලකායේ සාමූහික ස්වේච්ඡා ශ්‍රම සහයෝගයෙන් වැව්, ඇල වේලි සහ අමුණු ප්‍රතිසංස්කරණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

 news images news images news images news images news images