විප­තට පත් පාසල් දරු­වන්ට ජනා­ධි­පති අර­මු­ද­ලින් 25,000ක්

ආපදා තත්ත්ව­යෙන් විප­තට පත් සියලු පාසල් දරු­වන්ට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් 25,000ක දීම­නා­වක් ලබා දෙන්න පිය­වර ගෙන තිබෙන බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ‍ ඊයේ (03) ප්‍රකාශ කළාය.

“විප­තට පත් සියලු පාසල් දරු­වන්ට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් 25,000 බැගින් ලබා දෙන්න පිය­වර ගෙන තිබෙ­නවා. අපි සමස්ත ලෝක­යට ආද­ර්ශ­යක් ලබාදී තිබෙ­නවා. අපේ රටේ සියලු පවුල් මේ ව්‍යස­න­යෙන් පීඩා­වට පත්ව සිටින ජන­තාව වෙනු­වෙන් සහාය ලබා­දෙන්න කට­යුතු කළා.

ජීවිත අහි­මිවූ සියලු දෙනා වෙනු­වෙන් අපි කන­ගාටු වෙනවා. අපි එක­මු­තු­ක­මින් නැඟී සිටිය යුතු වෙනවා. අපි එක­මු­තුව මේ අභි­යෝ­ගය ජය­ගත යුතු වෙනවා” යැයි ද අග්‍රා­මා­ත්‍ය­ව­රිය පැව­සු­වාය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය,

“විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම වෙනු­වෙන් රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩ­ලය තමන්ගේ උප­රිම දාය­ක­ත්වය ලබාදී තිබෙ­නවා. එක­මුතු වී එකට වැඩ කළ ආණ්ඩු පක්ෂයේ සහ විප­ක්ෂයේ සැමට මගේ ස්තුතිය පිරි­න­ම­නවා. මේ අභි­යෝ­ග­යට මුහු­ණ­දීමේ දී ජන­තාව අතර තිබෙන එක­මු­තු­කම, ධෛර්යය අපිට දකින්න ලැබුණා. ඒ නිසා අපිට මේ මෙහෙ­යුම ඉදි­රි­යට ගෙන යෑමට විශාල ශක්ති­යක් වුණා.

ජන­තාව මේ අන­තු­රින් මුදා­ගැ­නී­මට කට­යුතු කරන ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය සහ හදිසි සහන කණ්ඩා­යම් වෙනු­වෙන් මාගේ ආචා­රය පිරි­න­ම­නවා. ඒ වගේම අන් අයගේ ජීවිත බේරා­ගන්න ගොස් තමන්ගේ ජීවි­තය අහි­මිවූ පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ ගෞර­වය පිරි­න­ම­නවා.

ගුවන් හමු­දාවේ නිය­මුවා, නාවික හමු­දාවේ පස් දෙනාට අපේ ගෞර­වය පිරි­න­ම­නවා. ඒ වීර­ත්වය අපිට අම­තක නැහැ. අපේ රජය මේ අය වෙනු­වෙන් පෙනී ඉන්නවා. රජයේ ආය­තන විශාල ප්‍රමා­ණ­යක් මේ කාර්යයේ දී දායක වී තිබෙ­නවා. මේ සියලු දෙනාට මගේ ස්තුතිය පිරි­න­ම­නවා. ජන­තා­වගේ සාමාන්‍ය ජීවි­තය පව­ත්වා­ගෙන යන්න ඔවුන් කරන මෙහෙ­යුම අති විශි­ෂ්ටයි.

ඔවුන් දැඩි කැප­වී­මෙන් කට­යුතු කර­නවා. වෛද්‍ය­ව­රුන්, හෙද හෙදි­යන් වගේම අනෙ­කුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ල­යට ද අපේ ගෞර­වය පිරි­න­ම­නවා. විප­තට පත් ජන­තාව වෙනු­වෙන් ආග­මික නාය­ක­යන් ඉදි­රි­පත් වී සහාය ලබා­දෙ­නවා. කිසිදු ලාභ ප්‍රයෝ­ජන නොතකා විප­තට පත්වූ­වන් වෙනු­වෙන් තම දාය­ක­ත්වය ලබා දෙනවා.

රටක් විදි­හට, ජාති­යක් විදි­හට අපි ඇති වටි­නාම ශක්තිය මිනි­ස්කම වෙනවා. අනිත් අය වෙනු­වෙන් තිබෙන සහ­ක­ම්ප­නය ඉතාම වැද­ගත්. මේ අභි­යෝ­ගා­ත්මක අව­ස්ථාවේ අ‌පි සමඟ එක්වූ විදෙස් රට­වල්, ජාත්‍ය­න්තර සංවි­ධාන අපිට සහාය ලබා දෙන්න ඉදි­රි­පත් වුණා. ඔවුන්ගේ සේවා සප­යන්න, අපිට ඔවුන්ගේ සහන කණ්ඩා­යම් පැමි­ණියා. ඒ නිසා ඔවුන් අපි වෙනු­වෙන් දක්වන ලද පරි­ත්‍යා­ගය අපි අගය කර­නවා.

විදෙ­ස්ග­තව සිටින ශ්‍රී ලාංකි­ක­යන් ද ආධාර එකතු කරන්න කට­යුතු කර තිබෙ­නවා. මාධ්‍ය­වේ­දීන්, මාධ්‍ය ආය­ත­තන වග­කී­ම්ස­හ­ගත තොර­තුරු ඉදි­රි­පත් කර­මින් ජන­තාව දැනු­ම්වත් කර­නවා. ජන­තා­වට ආර­ක්ෂා­කාරී ලෙස මඟ­පෙ­න්වීම අති­ශය වැද­ගත් වෙනවා.

ඇතැ­මුන් වාසි­යට නොයෙක් වැරදි තොර­තුරු ප්‍රචා­රය කර­නවා. නමුත් නිවැ­රදි තොර­තුරු බෙදා­ගැ­නීම වැද­ගත් වෙනවා. වග­කී­ම්ස­හ­ග­තව සන්නි­වේ­ද­නය කරන්න කියා ඉල්ලී­මක් කර­නවා. මේ හදිසි අව­ස්ථාවේ හැම අංශ­යක්ම සන්නි­වේ­ද­නය කර­මින් කට­යුතු කර­නවා.

අධ්‍යා­පන ක්ෂේත්‍රයේ සියලු නිල­ධා­රීන්ට මගේ ගෞර­වය පුද­ක­ර­නවා. විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සමස්ත කාර්ය මණ්ඩ­ලය ඉටු­ක­රන කාර්යය අගය කර­නවා. විභාග සම්බ­න්ධ­යෙන් හදිසි තීරණ ගන්න සිදුව තිබෙ­නවා. විභාග මධ්‍ය­ස්ථාන සුර­ක්ෂිත කර­මින් අඛ­ණ්ඩව විභාග පව­ත්වා­ගෙන යන්න කට­යුතු කර තිබෙ­නවා.

තල­ව­කැලේ සුමන මහා විද්‍යා­ලයේ පව­ත්වා­ගෙන යන එක්රැස් කරන මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධා­නි­යාගේ පවුලේ සාමා­ජි­ක­යන් සියලු දෙනා මේ ආපදා තත්ත්වය හේතු­වෙන් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබෙ­නවා. ඒ අව­ස්ථාවේ වුවද විභාග ප්‍රශ්න පත්‍ර­වල ආර­ක්ෂාව සහ­තික කරන්න ඔහු පිය­වර ගෙන තිබෙ­නවා.

විභාග කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වන්න කට­යුතු කළ සැමට මම ස්තුති­වන්ත වෙනවා. උසස් අධ්‍යා­පන අංශය, වෘත්තීය අධ්‍යා­පන අංශයේ සියලු දෙනාට අපේ ගෞර­වය පිරි­න­ම­නවා.”

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර