මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝ­සියි

පාර්ලි­මේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කිරී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

මේ පනත සම්ම­ත ­වී­මෙන් පසුව ඉදි­රි­යේදී කිසිදු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුට විශ්‍රාම වැටු­පක් හිමි නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (18) පැවැති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූ නියෝ­ජි­ත­යන්ට සහ ඔවුන්ගේ කල­ත්‍ර­යන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප් හිමි­කම අහෝසි කිරීම අර­මුණු කර­ගෙන පාර්ලි­මේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටු­ම්පත් සම්පා­දක විසින් පනත් කෙටු­ම්ප­තක් සකස් කරනු ලැබ ඇති බව හෙතෙම කීවේය. එම පනත් කෙටු­ම්පත සඳහා නීති­ප­තිගේ නිෂ්කා­ශ­නය ලැබී තිබේ. එකී පනත් කෙටු­ම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරී­ම­ටත්, ඉන් අන­තු­රුව අනු­මැ­තිය සඳහා පාර්ලි­මේ­න්තුව වෙත ඉදි­රි­පත් කිරී­ම­ටත් අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමි වූ බව ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය. ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලි­මේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී ප්‍රති­ප­ත්ති­මය අනු­මැ­තිය ලබා දී තිබෙන බවත් රජයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සඳ­හන් වන ‘පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක්’ යන දැක්මට සහාය දුන් සිය­ලුම ශ්‍රී ලාංකි­ක­යන්ට රජය ලබා දුන් පොරො­න්දුව අනුව එය ඉටු කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය. මෙතෙක් විශ්‍රාම වැටුප් ලබා­ගත් මන්ත්‍රී­ව­රු­න්ගෙන් එම මුදල් අය කර ගැනී­මක් සිදු නොවන බව පැවසූ ඇමැ­ති­ව­රයා පනත ක්‍රියා­ත්මක වන දවසේ සිට සියලු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වන බව කියා සිටි­යේය.

නුවන් කොඩි­කාර