දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු ඇරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුන වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇත.

එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 1,400ක මුළු ජල ප්‍රමාණයක් මුදා හැරේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හයක් අද අලුයම සිට විවෘත කිරීමට පියවර ගත් බව පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පැවසීය.

එම වාන් දොරටු අඟල් 18 බැගින් විවෘත කර ඇති බවත් ඉන් තත්පරයට ඝන අඩි 9,000ක මුළු ජල ප්‍රමාණයක් ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවත් වාර්තා වෙයි.

පොල්ගොල්ල මහවැලි වේල්ලෙන් පහළ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ඉල්ලා සිටී.