අද සිට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන සහ පාසැල් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ පූර්ණ වගකීම අදාළ ආයතනවල ප්‍රධානීන්ට පවරමින් විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

එම ගැසට් නිවේදනය අනුව කිසියම් ආයතනයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සිටී නම් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීම ද අදාළ ප්‍රධානීන්ට පැවරෙනු ඇති.

රටම එකට ජාතික මෙහෙයුමේ කලුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.