අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම්, 0112-784208, 0112-784537, 0112-785922 දුරකථන අංක යටතේ විමසිය හැකි අතර, ඊට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.