නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අද (03) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.