2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා පැවැත්වෙයි

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, දකුණු පළාතේ දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝම්බර් 04, 05 යන දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල්වල දී පැවැත්වීමට නියමිතයි.

එසේම, ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝම්බර් 04, 05 යන දිනවල බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.