ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (03) විරෝධතාවක් පැවැත්වුණා.
ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.
‘දරු පරපුර වනසන, ගුරුවරුන් දෙමව්පියන් හිරගෙදරට දක්කාගෙන යන’ NGO පනත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසයි ඔවුන් සඳහන් කරන්නේ.