ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 42,000කට අධික පිරිසක් බරපතළ ශෛල්‍ය කර්මවලට ලක් කර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ කුඩා ළමුන් වන බවය.
එමෙන්ම ශෛල්‍යකර්ම හේතුවෙන් පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කර ඇති බව ද සඳහන් වේ.
කොඳු ඇට පෙළේ තුවාල, පිපිරීම් හේතුවෙන් මොළයේ සිදුවු තුවාල සහ අනෙකුත් පිළිස්සුම් තුවාල හේතුවෙන් අදාළ ශෛල්‍යකර්ම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.