බණ්ඩිරිප්පුවේ දුම්රිය නැවතුමක්

ලුණුවිල, බණ්ඩිරිප්පුව ශුද්ධ වූ ජපමාල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එම දේවස්ථානය ඉදිරිපිට දුම්රිය වේදිකාවේ දුම්රිය නැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

හෙට සහ අනිද්දා දිනයන්හිදී මෙලෙස දුම්රිය නවත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව, පුත්තලම් මාර්ගයේ පුත්තලම, හලාවත සහ කොළඹ කොටුවේ සිට පැමිණෙන දුම්රිය මෙලෙස නවත්වනු ඇති.