රේගු බදු නොගෙවා, කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබුණු ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 26 ක්, අයිපෑඩ් 10 ක්, ටැබ් 10 ක්, ලැප්ටොප් පරිගණක 03 ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය 30 වැනිදා ඩුබායි වෙත ගොස් තිබුණු මෙම සැකකරුවන් ඊයේ (02) යළිත් මෙරටට පැමිණීමේදී මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණ ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්රියාත්මකයි.