පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
අදාළ ආයතනවල සභාපති, අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී හෝ වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම් තුනක් ලෙස කැඳවා මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට සම්පත්දායකයන් ලෙස වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල, රාජ්‍ය ව්‍යාපාර, ජාතික අයවැය, කළමනාකරණ සේවා යන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සහභාගී වී තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ආයතන 457හිම ක්‍රියාකාරීත්වය සෑම වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන බවයි.
එසේම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවන ආයතන අනුපිළිවෙල තීරණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන බව ද ඔහු සදහන් කළා.