දඹානේ ආදිවාසීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව අද (04) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙයි. සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින වැදි ප්‍රජාව දළදා වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පෞරාණිකව පැවත එන චාරිත්රයකි.
වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්රමුඛ 40 දෙනකුගෙන් පමණ සමන්විත වැදි කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා පැමිණෙති.
මී පැණි පූජාවෙන් අනතුරුව වැදි නායකයා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේ සිට පළමු රන්දෝලි පෙරහර නැරඹීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 6.52ට නැඟෙනහිර දිශාභිමුඛව දළදා මන්දිරය ඉදිරි පිටින් ගමන් ආරම්භ කිරීමට නියමිතය. දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
අසේල කුරුළුවංශ, මධ්‍යම පළාත් සමූහ