නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ Technology Incubation Centre එකක් ආරම්භ කරනවා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

මෙම වසර ඇතුළත නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ Technology Incubation
Centre එකක් ආරම්භ කරනවා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක්
(Technology Incubation Centre) ආරම්භ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡාව
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
මඩකලපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයීය තාක්‍ෂණ උද්‍යානයේ දී පසුගිය දා පැවැත්විණි.
එක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ
කිරීමේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයීය යෝජිත වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන
තිබේ.
නවීන කාර්මික උපකරණවලින් සමන්විත පහසුකමක් වන මෙම තාක්‍ෂණ බීජෞෂණ
මධ්‍යස්ථානය විද්‍යාඥයින්, පර්යේෂකයින්, , උපාධිධාරීන්, පර්යේෂණ අභ්‍යාසලාභීන්
සඳහා පර්යේෂණ පහසුකම් ලබාදෙන නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ නව අදහස්
මූලාකෘති බවට පත් කිරීමට, CAD/CAM සහිත සැලසුම් පහසුකම්, නවීන CNC යන්ත්‍ර
සහිත නිෂ්පාදන පහසුකම්, ව්‍යාපාර සැලසුම් සංවර්ධනය කිරීමට සහ බුද්ධිමය දේපල
ගැටළු පිළිබඳ උපදේශනය සඳහා සහාය ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත
කෙරේ .
නැනෝ ද්‍රව්‍ය සංස්ලේෂණය, උසස් සංයුක්ත ද්‍රව්‍ය, නැනෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ආහාර
විද්‍යාව සහ තාක්ෂණය, කෘෂි තාක්ෂණය, ජෛව වෛද්‍ය යෙදුම් වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල
පර්යේෂණ මෙම මධ්‍යස්ථානය තුළ සිදු කිරීම පිළිබඳව විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ අවධානය
යොමු වී තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වසර ඇතුළත මෙම තාක්‍ෂණ බීජෞෂණ
මධ්‍යස්ථානය ස්ථාපිත කරන බව මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරය ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාල ආශ්‍රිතව
සිදුකරන උසස් පර්යේෂණ, නවෝත්පාදන අත්හදා බැලීම් සඳහා මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්ක කර
ගනිමින් ගොවිතැන ආශ්‍රිත ව්‍යාපාර දියුණු කිරීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයින් ශක්තිමත් කිරීම
වෙනුවෙන්ද එකී මධ්‍යස්ථාන යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත්
ප්‍රකාශ කළේය.
ඒ අනුව නිවැරදි තාක්ෂණ දැනුම ලබා දීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ
ව්‍යවසායකයන් බිහිකිරීම, දැනටමත් කර්මාන්තයන්හි නියැලී සිටින ව්‍යවසායකයන් නව
තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව ඉහල තලයකට ඔසවා තැබීම, ගුණාත්මක අපනයන
තත්වයේ නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදේශනයන් ලබා දීම ආදී අරමුණු
වෙනුවෙන් ද මෙම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනගසාමි ප්‍රභූ, විද්‍යා හා
තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ.මුරලිදරන්,
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී.පෙරතීපන් යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසක් එක්ව සිටියහ

නිත්‍ය සිල්වා
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ