වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු ජීවිතක්ෂයට

උඩදුම්බර – මීමුරේ, කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර තුවාල ලැබූ තිදෙනෙක් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.