ඉන්දීය ගුවන් යානා සඳහා පාකිස්ථාන ගුවන් සීමා තහනම දීර්ඝ කෙරේ

පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් සේවා මගින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දැමීම අගෝස්තු 24 දක්වා මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

සිකුරාදා ඉන්දියානු වේලාවෙන් පස්වරු 3:50 ට බලාත්මක වූ NOTAM (ගුවන් භටයින්ට දැන්වීමක්) අනුව, ඉන්දියානු ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන කිසිදු ගුවන් යානයකට හෝ ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් ගමන්වලට පාකිස්ථාන ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර නොලැනු ඇති.

මෙම තහනම අගෝස්තු 24 වන දින උදෑසන 5:19 (ඉන්දියානු වේලාවෙන්) දක්වා ක්‍රියාත්මක වන බව සඳහන්.

අප්‍රේල් 22 වන දින පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දීය රජය පාකිස්ථානයට එරෙහිව ගත් පියවරවල කොටසක් ලෙස අප්‍රේල් 30 වන දින තහනමක් පැනවීමෙන් පසු ජූලි 24 වන දින දක්වා සියලුම පාකිස්ථාන ගුවන් යානා සඳහා ඉන්දීය ගුවන් සීමාව වසා දමා තිබෙනවා.

අප්‍රේල් 24 වන දින පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමූ අතර, දෙරට විසින් පනවා තිබූ පනවා තිබූ සීමාවන් කිහිප වතාවක් දීර්ඝ කර තිබුණා.