හැටන් නගරයේ පාවහන් වෙළඳසැලක ගින්නක්

හැටන් නගරයේ පාවහන් වෙළඳසැලක අද (18) ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි හැටන් පොලීසිය සඳහන් කර සිටියේ.