කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

කොළඹ අග­ර­ද­ගුරු කාදි­නල් මැල්කම් රන්ජිත් හිමි­පා­ණන් වහ­න්සේගේ – පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් පැවති උත්ස­ව­යේදී ජන­පති කියයි

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරී­මට කැප­වෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (07) පැව­සීය.

කොළඹ අග­ර­ද­ගුරු කාදි­නල් මැල්කම් රන්ජිත් හිමි­පා­ණන් වහ­න්සේගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් කොළඹ අග­ර­ද­ගුරු මැඳුරේ ඊයේ (07) පැවති උත්ස­ව­යට එක්වෙ­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම අද­හස් පළ කළේය.

එතුමා තව­දු­ර­ටත් මෙසේද පැව­සීය.

කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් කාදි­නල් මැල්කම් රංජිත් හිමි­පා­ණන් වහන්සේ කැකෑ­රෙන වේද­නා­ව­කින් සිටින බව මා දන්නවා. විටෙක සාම­කා­මීව, විටෙක අපැ­හැ­දි­ලි­තා­ව­කින් යුතුව, විටෙක බල­පෑ­ම්ස­හ­ග­තව හැම වේලා­ව­කම උන් වහන්සේ ඒ පිළි­බ­ඳව අපෙන් විම­ස­නවා.පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා ගත හැකි සෑම වෙහෙ­සක්ම මම ගන්නා බව උන් වහන්සේ ඉදි­රි­පිට මේ වේලාවේ පොරොන්දු වෙනවා.

සමා­ජයේ බිඳ­වැටී තිබෙන ජීවය හා ආධ්‍යා­ත්මය නැවත කැටුව ඒමට පර­මා­දර්ශී චරිත අවශ්‍ය යුග­යක්. කාදි­නල් හිමි­පා­ණන් වහ­න්සේගේ අවු­රුදු පන­හක පූජක දිවිය පිළි­බඳ අනු­ස්ම­ර­ණය කරන අව­ස්ථා­වට සහ­භාගි වීමට ආරා­ධනා කිරීම පිළි­බඳ ස්තුති­වන්ත වෙනවා. උන් වහන්සේ භාෂා දහ­යක් පමණ හදාරා තිබෙන වියත් හිමි­න­මක්. විවිධ රාජ්‍ය­න්වල ආග­මික කාර්යන් ඉටු කර­මින් ,බයි­බ­ලය හොඳින් විව­ර­ණය කර­මින් ධර්ම ගවේ­ෂ­ක­යකු හැටි­යට උන්ව­හන්සේ කළ සේවාව අනු­ප­මේ­යයි. සමා­ජය අවදි කිරීම වෙනු­වෙන් කට­යුතු කළ හොඳ මාන­ව­වා­දි­යෙක් ලෙස මා දකි­නවා. උන්ව­හ­න්සේගේ වසර පන­හක පූජක දිවි­යේම තිබෙන්නේ මානව වාද­යක්. සමා­ජය පව­තින ආකා­රය පිළි­බඳ අප කාට­වත් සෑහී­ම­කට පත්වන්න බැහැ. දෙමා­පි­යන් දරු­වන් අතර සබ­ඳ­තාව, ගුරු­ව­රුන් හා සිසුවා අතර සබ­ඳ­තාව, පැවිදි උතු­මන් සහ ගිහි සමා­ජය අතර සබ­ඳ­තාව, අද බිඳ­වැටී තිබෙ­නවා. එම සමාජ සබ­ඳතා අයිස් වතුරේ ගිල්වා දමා මරා දමා තිබෙ­නවා. ඒ නිසා අප වෙත විශේෂ කාර්ය­භා­ර­යක් පැවරී තිබෙ­නවා. මේ සමාජ දේහයේ ජීවය හා ආධ්‍යා­ත්මය නැවත කැටුව ඒමට අප කට­යුතු කළ යුතුයි. ඒ සඳහා පර­මා­දර්ශී චරිත සමා­ජ­යට අව­ශ්‍යයි. මේ සමා­ජ­යට ජීවය කැටුව ඒම සඳහා කාදි­නල් මැල්කම් හිමි­පා­ණන් වහන්සේ වෙහෙ­සක් දර­මින් සිටි­නවා. පාස්කු ප්‍රහා­රය අව­ස්ථා­වේදී සමා­ජය විශාල සංකීර්ණ තත්ත්ව­ය­කට ඇද­දමා තිබුණා. එහිදී සමා­ජය නිවී­මට උන් වහන්සේ කළ මෙහෙය ප්‍රශං­ස­නී­යයි. එම කුළුණු ගුණය තිබුණේ නැත්නම් අද සමා­ජය තිබෙන්නේ කොතැ­නද?. සමා­ජය සුව­පත් කිරී­මට ඉතාම වෙහෙ­ස­කර ව්‍යායා­ම­යක් උන් වහන්සේ සිදු කර තිබෙ­නවා. උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා. වින්දි­ත­යන්ට ඉටු විය යුතු සාධා­ර­ණය පිළි­බඳ උන් වහන්සේ නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. උන් වහන්සේ අප වෙත එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් කති­කා­වත් කර­නවා. ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා. එය අභි­යෝ­ගා­ත්මක වෙන්න පුළු­වන්. රජය රජ­යෙන් පරි­බා­හි­ර­වත්, රජය රජය පිළි­බ­ඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. උන් වහන්සේ මේ පිළි­බ­ඳව දරන ප්‍රය­ත්නය පිළි­බඳ අප අග­ය­නවා. උන් වහ­න්සේගේ දිගු මානව ධර්ම චාරි­කාව ඉදි­රි­ය­ටම කර­ගෙන යාමට සුබ පත­නවා.

මහ­නා­හි­මි­ව­රුන්, ආග­මික නාය­ක­යන්, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඇතුළු ආරා­ධි­තයෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න සහ චමීර ඇල්ලදෙණිය

ඡායාරූප – සුදත් නිශාන්ත