හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

විවිධ අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව පුද්ග­ල­යන් මිලි­ය­න­යක් පමණ රජයේ රෝහ­ල්ව­ලින් නේවා­සි­කව ප්‍රති­කාර ගන්නා බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග මහතා පැව­සීය.

අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව මෙරට පුද්ග­ල­යන් 12,000ක් පමණ මර­ණ­යට පත් වන බවත් සෑම තත්පර 8කට වරක්ම අන­තු­රක් නිසා ලෝකයේ කොතැ­නක හෝ මර­ණ­යක් සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඒ මහතා මේ බව ඊයේ (02) පැව­සු­වේය. විවිධ හේතූන් නිසා වාර්ෂි­කව අන­තු­රු­ව­ලට ලක් වන පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව මිලි­යන 3කට අධික බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සතුන් සපා කෑම නිසා හදිසි අන­තු­රු­ව­ලට ලක්ව රජයේ රෝහ­ල්වල බාහිර රෝගී අංශ­යෙන් වැඩි­පු­රම ප්‍රති­කාර ගැනී­මට පැමි­ණෙන බවත් එම සංඛ්‍යාව සිය­යට 70ක් පමණ වන බවත් ඒ මහතා පැව­සු­වේය. සිය­දිවි හානි කර ගැනීම් ඉහළ ගොස් ඇති අතර දියේ ගිලීම් නිසා වස­ර­කට 1000ක් පමණ මර­ණ­යට පත් වන බව ද ඔහු කීය. විවිධ හේතු නිසා වැටීම් හේතු­වෙන් 1300ක්, මාර්ග අන­තුරු නිසා 2500ක්, විවිධ විෂ වීම් නිසා 1000ක් පමණ වාර්ෂි­කව මර­ණ­යට පත් වන බවත් ඒ මහතා පැව­සීය.

ජාතික අන­තුරු නිවා­රණ සතිය මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර අන­තුරු නිවා­ර­ණය කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන බවත් මාර්ග ආර­ක්ෂාව හා රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඉන්දික හපු­ගොඩ මහතා පැව­සු­වේය.

මෙම සතිය තුළදී 07 වැනිදා මාර්ග අන­තුරු වැළැ­ක්වීම, 08 වැනිදා සේවා ස්ථානයේ අන­තුරු වැළැ­ක්වීම, 09 වැනිදා නිවෙස් සහ වැඩි­හිටි නිවාස, 10 වැනිදා දියේ ගිලීම් නිසා සිදු වන අන­තුරු වැළැ­ක්වීම, 11 වැනිදා පෙර පාස­ල්වල සිදු වන අන­තුරු වැළැ­ක්වීම ලෙස වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නැංවී­මට සැල­සුම් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික අන­තුරු නිවා­රණ සතිය ආරම්භ වූයේ 2016 වස­රේදී බවත් මේ වර්ෂ­යේදී දස වැනි ජාතික අන­තුරු නිවා­රණ සතිය සැම­රීම සිදු කරන බවත් ඒ මහතා පැව­සු­වේය.

රියැ­දුරු මහ­තුන්ගේ නොසැ­ල­කි­ලි­ම­ත්කම නිසා මාර්ග අන­තුරු වැඩි වශ­යෙන්ම සිදු වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරු­ණා­රත්න