පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සීය.

විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා ඊයේ (30) පැව­සුවේ

රටේ දළ දේශීය නිෂ්පා­ද­න­යට 50%කට වැඩි දාය­ක­ත්ව­යක් ලබා දෙමින් 40 ලක්ෂ­ය­කට වැඩි ප්‍රමා­ණ­ය­කට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් බවයි.

මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියා­ත්මක කර ව්‍යව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍ර­යෙන් දළ දේශීය නිෂ්පා­ද­න­යට වෙන දාය­ක­ත්වය අඩු වෙන බවට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජු­වම ආර්ථික වර්ධ­න­යට බල­පාන බවත් හෙතෙම කීවේය.

ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපළ වෙන්දේ­සිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී එය දළ දේශීය නිෂ්පා­ද­න­යට බල­පා­නව සේම විරැ­කි­යාව වර්ධ­නය වී අප­න­යන ප්‍රව­ර්ධ­නය වීමට වඩා අප­න­යන අඩු වීම සිදු­වන බවත් පසු­ගිය රජය මෙන්ම වත්මන් රජය යන ආණ්ඩු දෙකම කළේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් මුළා කර රැව­ටීම බවත් ඒ මහතා පැවැ­සීය.

මැද කොළඹ සමූහ- ආරි­ය­රත්න ගනේ­ගොඩ