හැටන් – මහනුවර ප්රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව තිබෙනවා.
ඒ අනුව, හැටන් – මහනුවර ප්රධාන මාර්ගයේ බගතොලුව ප්රදේශයේ දී වාහන 115ක් පමණ හදිසි පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අධික ලෙස වායු විමෝචනය කළ වාහන සහ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ, මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත උපාංග ගලවා ඉවත් කිරීමටද මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.
ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වැනිදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.