ඇල්පිටිය දෙමටගහකන්ද නවඳගල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙයි.
වයස අවුරුදු 42 ක් වන මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය මස 14 වනදා ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
ඔහුගේ සිරුර දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පාලු ළිඳකට දමා පස්වලින් වසා දමා තිබියදීයී සොයා ගෙන ඇත.
ළිඳ පිහිටි ඉඩමේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ වනසතුන් දඩයම් කිරීමට අදිනලද විදුලි රැහනක ගැටී මෙම පුද්ගලයා මිය ගිය බවයි.
ඔහුගේ සිරුර මෙසේ පාලු ළිඳකට දමා පස්වලින් වසා දැමූ බව ඉඩමේ හිමිකරු කියා සිටියේය.