මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 41ක් මරුට

දකුණු මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබේ.

කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින් පසු බස් රථය ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බව වාර්තා වේ.

අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.