අධ්‍යා­ප­නික වීසා­ව­ලින් කැන­ඩා­වට පැමිණි සිසු­සි­සු­වියෝ 50,000ක් ආගිය අතක් නෑ

කැන­ඩාවේ වැඩි­දු­ර අධ්‍යා­ප­නය හැදෑ­රී­මට පැමිණි විදෙස් සිසු­සි­සු­වි­යන් 50,000කට ආසන්න පිරි­සක් ඔවුන්ගේ විශ්වි­ද්‍යාල හෝ අධ්‍යා­ප­නික ආය­තන වෙත පැමිණ නැති බව එරට ‘ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් සේවය අනා­ව­ර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පුව­ත්පත විසින් හෙළි­ද­රව් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ව­ලට අනුව එම පිරිස එරට අධ්‍යා­ප­නය ලබන විදෙස් සිසු­සි­සු­වි­ය­න්ගෙන් 7%ක ප්‍රමා­ණ­යක් බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ අතු­රින් වැඩිම සිසු­සි­සු­වි­යන් පිරි­සක් අතු­රු­දන්වී ඇත්තේ ඉන්දි­යා­වෙන් බවත්, එය ප්‍රමා­ණ­යෙන් 49%ක් හෝ 20,000කට ආසන්න සංඛ්‍යා­වක් බවත් ග්ලෝබල් ඇන්ඩ් මේල් පුවත් සේවය සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. මීට අම­ත­රව රුව­න්ඩා­වෙන් පැමිණි සිසු­සි­සු­වි­යන් විශාල පිරි­සක් ද සිය විශ්ව­වි­ද්‍යාල හෝ අධ්‍යා­ප­නික ආය­තන වෙත වාර්තා කර නැති බව එම පුවත් සේවය සඳ­හන් කර තිබේ. කැන­ඩාවේ වැඩි­දුර අධ්‍යා­ප­නය හැදෑ­රීම සඳහා රජ­යෙන් ලබාදී ඇති වීසා පහ­සු­කම් යටතේ කැන­ඩා­වට පැමිණ එසේ අතු­රු­දන්වී පසුව එරට සංක්‍ර­ම­ණික විසා අයැ­දු­ම්පත් යොමු කිරීම බහු­ලව සිදු­වන බවත්, පසු­ගිය වසරේ මුල් භාග­යේදී එසේ අධ්‍යා­ප­නික වීසා මත කැන­ඩා­වට පැමිණ පසුව සංක්‍ර­ම­ණික වීසා අයැ­දුම් කළ පිරිස 14,000කට අධික බව ද වාර්තා වේ.