පොලිස් නිල­ධා­රීන් රියැ­දු­ර­කුට බර­ප­තළ ලෙස පහ­ර­දීලා

පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පුතෙක් වන රියැ­දු­ර­කුට රථ­වා­හන පරී­ක්ෂා­ව­කදී පොලිස් නිල­ධා­රීන් පිරි­සක් අමා­නු­ෂික අයු­රින් පහ­ර­දී­මත්, ඒ හේතු­වෙන් ශල්‍ය­ක­ර්ම­යක් කර ඔහුගේ එක් වෘෂණ කෝෂ­යක් ඉවත් කිරී­මට සිදු­වී­මත්, අදාළ ලොරි රථයේ ගමන් කර­මින් සිටි අනෙක් පුද්ග­ල­යාට පහර දීමත් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින මැද­ව්ච­චිය පොලි­සියේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා සහ සැර­ය­න්ව­රුන් සිව් දෙනා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා හරි­න්නැයි මෝස­ම­කින් නීති­ඥ­යන් කළ ඉල්ලී­මක් මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් ඉමේෂා එම්. ධර්ම­දාස මෙනෙ­විය යළි ප්‍රති­ක්ෂේප කළාය.

ඒ අනුව සියලු සැක­ක­රු­වන් මේ මස 12 වැනි දින (හෙට) දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණ­රත්න මහතා මෝස­ම­කින් කළ ඉල්ලීම මෙලෙස ප්‍රති­ක්ෂේප කෙරිණි. පසුව යළි රිමාන්ඩ් කළේ මැද­ව්ච­චිය පොලි­සියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානා­ධි­පති උප­පො­ලිස් පරී­ක්ෂක ඒ. දිනේෂ් මධු­සංක, සැර­ය­න්ව­රුන් වන ආර්. අජන්ත රණ­සිංහ, නිශ්ශංක ගුණ­ති­ලක, මැද­ව­ච්චිය පොලි­සියේ රථ­වා­හන අංශ­යට අනු­යු­ක්තව සේවය කළ පොලිස් සැර­ය­න්ව­රුන් දෙදෙ­නකු වන මැද­ව­ච්චිය පූනෑව පලු­ගො­ල්ලෑව පදිංචි එස්. රෝහණ සමන්ත සේනා­නා­යක සහ මැද­ව­ච්චිය ඇට­වී­ර­ගො­ල්ලෑව ඇතා­කඩ පදිංචි එස්. කපිල ජගත් සෙනෙ­වි­රත්න යන සැක­ක­රු­වන්ය.

පැමි­ණිල්ල වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර නියෝජ්‍ය පොලි­ස්පති රෝහණ ප්‍රේම­රත්න මහ­තාගේ උප­දෙස් මත එම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පෙනී සිටි­යහ. පළමු සහ දෙවන සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පෙනී සිටි අතර, තුන් වන සහ හතර වන සැක­ක­රු­වන් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණ­රත්න මහතා පෙනී සිටි­යේය. අග­ති­යට පත් පාර්ශ්වයේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අර­වින්ද හබ­ක්කල මහතා පෙනී සිටි අතර, නිරී­ක්ෂණ පාර්ශ්ව­යක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංග­මය වෙනු­වෙන් එම සංග­මයේ සභා­පති ජනා­ධි­පති නීතිඥ කෞෂල්‍ය නව­රත්න සහ උප සභා­පති ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද්‍ර­තිස්ස මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත නීතිඥ චතුර ධනං­ජය රණ­තුංග මහතා පෙනී සිටි­යේය.

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ දී මෙලෙස ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළේ මැද­ව­ච්චිය, තුලා­වෙ­ල්ලිය පදිං­චි­ක­රු­වකු වන එම්. ආර්. දිලීෂ සංගීත් රූප­සිංහ නමැති 23 හැවි­රිදි තරු­ණ­යා­ටයි. ඔහු මැද­ව­ච්චිය පොලි­සියේ සේවය කරන පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පුතෙකි.